චීනයේ බීජිං නුවර එන්නත් කිරීමේ මධ්‍යස්ථාන 220කදී පුද්ගලයින් 73,537දෙනෙකුට දින දෙකක් තුළ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් ලබාදීම ආරම්භ කර තිබේ.
මෙහිදී වැඩි ආසාදන අවදානමක් ඇති පුද්ගලයන් තෝරා ගනිමින් මෙම පළමු එන්නත් කිරීම සිදුකර ඇති අතර, එන්නත ලැබූවන් අතර කිසිදු බරපතල අතුරු ආබාධයක් දක්නට නොමැති බව බීජිං නාගරික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශකයෙකු වන ගාඕ ෂියාජුන් පැවසීය.
එන්නත් කිරීම දැනට ප්‍රධාන වශයෙන් බීජිං හි වයස අවුරුදු 18 ත් 59 ත් අතර පුද්ගල කණ්ඩායම් නවයක් ආවරණය කරයි. ආනයනික සිසිල් භාණ්ඩ සම්බන්ධයෙන් කටයුතු කරන පෙරටුගාමී රේගු පරීක්ෂකවරුන් සහ ප්‍රවාහන අංශයේ සේවය කරන පිරිස් මෙයට ඇතුළත් ය.
චීනය එරට තුළ සංවර්ධනය කරන ලද පළමු වැනි කොවිඩ්-19 එන්නත සඳහා කොන්දේසි සහිත අලෙවිකරණ අවසරයක් ලබා දී ඇති බව බ්‍රහස්පතින්දා නිවේදනය කළේය. එම එන්නත සඳහා චීන ජාතික වෛද්‍ය නිෂ්පාදන පරිපාලනයේ අනුමැතියද ලැබුණි. සීනෝෆාම් සමග අනුබද්ධිත චීන ජාතික ජෛව තාක්ෂණ සමූහය යටතේ බීජිං ජීව විද්‍යාත්මක නිෂ්පාදන ආයතනය විසින් මෙම එන්නත සංවර්ධනය කරන ලදී.