චීනය වේගවත් සංවර්ධනයක් අත්කර ගෙන ඇති අතරම, සෑම දිනකම ශක්තිමත් වන බැවින් සංවර්ධනය හා ආර්ථික ස්ථාවරත්වය සඳහා වන චීන විශේෂඥ දැනුමෙන් තම රටට ප්රතිලාභ ලබාගත හැකි බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කරයි.
ග්වාඩාර් උතුරු නිදහස් කලාපය, රසායනික පොහොර කර්මාන්ත ශාලාවක්, එක්ස්පෝ ප්‍රදර්ශන හා සම්මේලන ගොඩනැගිල්ලක්, සත්ව එන්නත් කර්මාන්ත ශාලාවක් සහ ලිහිසි තෙල් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම ආරම්භ කිරීම ඇතුළු දිවයිනේ නිරිතදිග ග්වාඩර් වරායේ දැවැන්ත ආයෝජන ව්‍යාපෘති කිහිපයක ආරම්භක උත්සවයක් අමතමින් ඛාන් මෙසේ පැවසීය.
ග්වාඩාර් වරාය චීනය විසින් ඉදිරිපත් කරන ලද බෙල්ට් ඇන්ඩ් රෝඩ් මුලපිරීම යටතේ ප්රමුඛ ව්‍යාපෘතියක් වන චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝවෙහි වැදගත් කොටසකි. එහිදී පාකිස්තානයට චීනයේ උපාය මාර්ගික පිහිටීම හා චීනය සමග ගැඹුරින් මුල් බැස ඇති මිත්‍රත්වයෙන් ප්‍රයෝජන ගත හැකි අතර, ඒ හරහා රටට සමෘද්ධිය අත්කර ගත හැකි බව ඛාන් පවසයි.
නිරිතදිග බලුකිස්තාන් පළාතේ, විශේෂයෙන් ග්වාඩාර් වරායේ විවිධ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම පිළිබඳව චීන රජයට ස්තූතිවන්ත වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම වරාය පාකිස්තානයට සහ කලාපයට විශාල වශයෙන් සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බවයි.
ග්වාඩාර් හි යටිතල පහසුකම් ව්‍යාපෘති නිම කිරීම කලාපීය වෙළෙඳාමට සහ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට ඉවහල් වන බවද ඔහු පැවසීය. "ග්වාඩර් මධ්‍යම ආසියාව සමග සම්බන්ධ වනු ඇති. අපි දැනටමත් ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා."
විදේශීය ආයෝජකයන්ට, විශේෂයෙන් චීන ආයෝජකයන්ට පහසුකම් සැලසීම සඳහා පාකිස්තාන රජය ග්වාඩාර් හි සෘජු ආයෝජන සහ අපනයන ඉහළ නැංවීම සඳහා එක් කවුළු මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවද අගමැතිවරයා පැවසීය.
"අපනයනය කළ හැකි භාණ්ඩ නිෂ්පාදනයන් සඳහා ආයෝජනය කරන චීන ආයෝජකයන් දිරිමත් කරන අතර, එය විදේශ විනිමය උපයා ගැනීමට පාකිස්තානයට ලැබෙන මහඟු උපකාරයක් වෙනවා" යැයි ඛාන් පැවසීය.
වරාය මෙහෙයුම්, නිදහස් කලාප සංවර්ධනය සහ ප්‍රවාහන යටිතල පහසුකම් සම්බන්ධයෙන් චීනය සහ පාකිස්තානය ග්වාඩර් සමග අත්වැල් බැඳගෙන පසුගිය වසර කිහිපය තුළ සමාජ හා ජීවනෝපාය ව්‍යාපෘති මාලාවක් සම්පූර්ණ කළ බව පාකිස්තානයේ චීන තානාපති නොන් රොං පැවසීය.
චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝවෙහි උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ග්වඩාර් වරාය මෙහෙයුම්, යටිතල පහසුකම්, කර්මාන්ත සහ සමාජ සංවර්ධනය අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘති ඉදිකිරීම් වේගවත් කිරීම සඳහා චීනය පාකිස්තානය සමග අඛණ්ඩව කටයුතු කරන බවද තානාපතිවරයා පැවසීය.
"පුළුල් සංවර්ධන මාර්ගයක් අනුගමනය කිරීමෙන් ග්වාඩාර් වරාය, කලාපීය ව්‍යාපාරික හා වෙළෙඳ කේන්ද්‍රය කරා ගමන් කරනවා" ඔහු වැඩිදුරටත් පැවසීය.
උත්සවය අතරතුර, දේශගුණික විපර්යාසයන්ට පිළියම් යෙදීම සඳහා පාකිස්තාන ජනතාව සඳහා සූර්ය පද්ධති කට්ටල 3,000ක් පරිත්‍යාග කිරීම සඳහා චීන රජය පාකිස්තානය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර, දිනකට පිරිසිදු ජලය ටොන් 5,000ක් නිපදවිය හැකි ලෙස ග්වාඩාර් හි ඩෙසලීනේෂන් කම්හලක් වෙනුවෙන් ආධාර සඳහා ගිවිසුමක්ද අත්සන් කළේය.
මෑතකදී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යළිත් කියා සිටියේ ජාත්‍යන්තර තත්ත්වයෙහි වෙනස්කම් මධ්‍යයේ පවා පාකිස්තානය සහ චීනය අතර සම්බන්ධතාව ශක්තිමත් වී ඇති බවය. පාකිස්තානය සහ චීනය සෑමවිටම එකට සිටින බව ඔහු පැවසීය.
"එක්සත් ජනපදය හෝ වෙනත් බටහිර බලවතුන් පාකිස්තානය වැනි රටවලට යම් පැත්තක් ගන්න යැයි බලපෑම් කිරීම ඉතාම අසාධාරණයි." අගමැති ඉම්රාන් ඛාන් අවධාරණය කළේය. "මොන තරම් පීඩනයක් තිබුණත් චීනය සහ පාකිස්තානය අතර සම්බන්ධතාව වෙනස් වන්නේ නැහැ."