චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගියෙකු අද (29) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොහු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යාපෘතියක සේවය කරන 30 හැවිරිදි චීන ජාතිකයෙකි .
ඔහු අද දින අලුයම 5.30 ට චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඔහු විසින් ගෙනැවිත් තිබූ ගමන් මලු කීපයක , කාඩ්බෝඩ් අසුරා , ඒවා අතර මෙම රුපියල් 19 ලක්ෂයක් වටිනා දුම්වැටි 38,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 190 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි .
මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්යක්ෂ ආර්.බී.ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ , නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරුන් වන කේ.එච්.පී.කුමාරසිරි , පීටර් ගුණවර්ධන රේගු අධිකාරීවරුන් වන සේනක ඇරැව්පොළ , ගාමිණී විජේතුංග , සහකාර රේගු අධිකාරීවරුන් වන ශෂික ඒකනායක සහ මනුල ධර්මවර්ධන යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .