අඟහරු ගවේෂණයේ නිරත චීනයේ ටියැන්වෙන්-1 අභ්‍යවකාශ යානය විසින් ග්‍රහණය කරගත් අඟහරු ග්‍රහයාගේ ඉහළ-විභේදනයක් සහිත ඡායාරූප කිහිපයක් වර්ණ ඡායාරූපයක්ද සහිතව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය විසින් නිකුත් කර තිබේ.
අඟහරුගේ පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 330 ත් 350 ත් අතර දුරින් පිහිටි ටියැන්වෙන්-1 යානයේ අධි-විභේදන කැමරාව මගින් මෙහි සමීප ඡායාරූප හසුකර ගෙන ඇත.
මීටර් 0.7 ක පමණ විභේදනයක් සහිතව කැමරාව අඟහරු ග්‍රහයා මත පැහැදිලි කුඩා ආවාට, කඳු වැටි, වැලි කඳු සහ වෙනත් අංග ග්‍රහණය කරගෙන ඇත. එහි දැක්වෙන විශාලතම ආවාටය විෂ්කම්භය මීටර් 620ක් පමණ යැයි ගණන් බලා ඇත.
එමෙන්ම වර්ණ ඡායාරූපය මධ්‍යම විභේදන කැමරාවක් මගින් ගෙන ඇති අතර ,අඟහරුගේ උතුරු ධ්‍රැවීය කලාපය එමගින් පෙන්වයි.