බීජිං (ෂින්හුවා) - චීනය විසින් නිෂ්පාදනය කර ඇති COVID-19 එන්නත ආර්ජන්ටිනාවේදී තුන්වන අදියර සායනික අත්හදා බැලීම් ආරම්භ කර ඇති බව එහි සංවර්ධකයා වන චීන ජාතික ජෛව තාක්ෂණ සමූහය (සීඑන්බීජී) පවසයි.
තුන්වන අදියර සායනික අත්හදා බැලීම් දියත් කිරීමේ උත්සවය සිකුරාදා බීජිං හි දී පැවැත්විණි.
එම එන්නත ජුනි 23 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ පසුගිය බ්‍රහස්පතින්දා පේරු සහ මොරොක්කෝවේ තුන්වන අදියර සායනික අත්හදා බැලීම් සඳහා අනුමැතිය ලබා ගන්නා ලදී.
එන්නත සම්බන්ධ පර්යේෂණ හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සීඑන්බීජී ආර්ජන්ටිනාවේ සමාගමක් සමඟ එක්ව කටයුතු කරනු ඇත.
සීනෝෆාම් හි සභාපති ලියු ජින්ෂෙන් පැවසුවේ තෙවන අදියර සායනික අත්හදා බැලීම් වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ සැමට සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ගොඩනැගීමට දායක වන බවයි.