හදිසි භාවිතය සඳහා චීනයේ සීනොවැක් සහ සිනොෆාම් එන්නත් පිළිබඳව ඉදිරිපත් කළ දත්ත ඇගයීමට ලක් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.
අක්‍රීය වෛරසය භාවිතයෙන් සංවර්ධනය කරන ලද එන්නත් දෙකක්, දත්ත හදිසි භාවිත ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට ප්‍රශංසා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ, එන්නත් හා ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ කැතරින් ඕ බ්‍රයන් පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය සිය ප්‍රතිපත්ති ක්‍රියාවලිය තුළින් දත්ත සමාලෝචනය කිරීමට අපේක්ෂා කරන බව ඕ බ්‍රයන් පැවසීය. ප්‍රතිශක්තිකරණය පිළිබඳ ක්‍රමෝපායික උපදේශක කණ්ඩායම විසින් එය වෙන වෙනම සිදු කරනු ඇති අතර, එමගින් එන්නත් භාවිත කරන ආකාරය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කෙරේ.
නවතම WHO ලිපිගොනුවලට අනුව, සීනොෆාම් එන්නත තක්සේරු කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටියි. සීනොවැක් සිය එන්නත දත්ත ජනවාරි මැද භාගයේදී ඉදිරිපත් කළ අතර මෙම මාසය අවසන් වනවිට තවත් ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. එන්නත් දෙකේ අවසාන තක්සේරු කිරීම් මාර්තු මස මුලදී අපේක්ෂා කෙරේ.