2020 වසරේ දෙසැම්බර් 15දා සිට මේ දක්වා චීනය විසින් කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 10කට අධික ප්‍රමාණයක් එරට ජනතාව වෙත ලබාදී ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසමේ නිලධාරියෙකු වන වැන්ග් බින් මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසයි.
2020 දෙසැම්බර් 15 වැනි දින චීනය විසින් එරට ආනයනික සීතල දාම නිෂ්පාදන හැසිරවීමේ නිරතව සිටින ප්‍රධාන කණ්ඩායම්, රේගු නිලධාරීන්, සෞඛ්‍ය සේවකයන් සහ පොදු ප්‍රවාහන හා නැවුම් නිෂ්පාදන වෙළෙඳ පොළවල සේවය කරන පුද්ගලයන් ඇතුළු ප්‍රධාන කණ්ඩායම් කිහිපයක් ඉලක්ක කර ගනිමින් එන්නත් කිරීමේ වැඩසටහනක් නිල වශයෙන් දියත් කරන ලදී.
ඒ අනුව දැන් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් ඇතුළු තවත් කණ්ඩායම් ආවරණය වන පරිදි චීනය එන්නත් කිරීමේ වැඩසටහන පුළුල් කරන බව වැන්ග් පැවසීය. එමෙන්ම වයස අවුරුදු 18 ත් 59 ත් අතර පුද්ගලයින් සඳහා එන්නත් මාත්‍රා ලබාදිම සඳහාද රටට උපදෙස් ලබාදී ඇති බව ඔහු සඳහන් කළේය.