චීනයේ ප්‍රධාන භූමිය තුළ ගෙවීගිය සඳුදා දෙවැනි දිනයටත් දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ්-19 ආසාදිතයන් කිසිවෙක් වාර්තා නොවූ බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම අද (09දා) පවසයි.
මේ ආකාරයෙන්ම ඉරිදා දිනයේදීද කිසිදු දේශීය සම්ප්‍රේෂණ සිද්ධියක් එරට ප්‍රධාන භූමියෙන් වාර්තා නොවීය.
කෙසේ වෙතත්, ඊයේ දිනයේ විදේශයන්හි සිට පැමිණි නව ආසාදිතයන් 14 ක් වාර්තා වූ බව ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
එමෙන්ම කොවිඩ්-19 හා සම්බන්ධ නව මරණ කිසිවක් ලියාපදිංචි වී නොමැති අතර, රෝගීන් 75 දෙනෙකු රෝහල්වලින් නිදහස් කර ඇත.
මේ අතර රෝග ලක්ෂණ නොමැති සිද්ධීන් 15ක් වාර්තා වී ඇති අතර, සමස්තයක් ලෙස රෝග ලක්ෂණ නොමැති 593ක් වෛද්‍ය නිරීක්ෂණයේ රැඳී සිටියි.
චීන ප්‍රධාන භූමියේ තහවුරු වූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 89,720ක් වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,636කි.