චීනයේ වයඹදිග සින්ජියැන්ග් උයිගුර් ස්වයං පාලන කලාපය තුළ පසුගිය වසර හතරක කාලය තුළ ත්‍රස්තවාදී ප්රහාරයන් සිදු නොවූවද, තවමත් ත්රස්තවාදයේ හා අන්තවාදයේ තර්ජනයන්ට එම කලාපය මුහුණ දී සිටින බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් උයිගුර් මුස්ලිම්වරුන් ජීවත් වන වයඹදිග සින්ජියැන්ග් උයිගුර් ස්වයං පාලන කලාපය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
පසුගිය සිව් වසර තුළ ෂින්ජියැන්ග් හි එක් ත්‍රස්ත ප්‍රහාරයක් හෝ වාර්තා කර නොතිබුණද, කලාපය ත්‍රස්තවාදයෙන් හා අන්තවාදයෙන් එල්ල වන තර්ජන හා අභියෝගයන්ට අඛණ්ඩව මුහුණ දී සිටින බැවින්, එම කලාපයේ ත්රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග සහ නීති මත පදනම්ව ඒවා ඛණ්ඩනය කිරීමේ කටයුතු දිගටම කරගෙන යාම ඉතා අත්‍යවශ්‍ය බවද ඔහු කියා සිටියේය.