චීනය විසින් ඊයේ (28දා) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයන් 101ක් වාර්තා කර ඇති අතර, එය පසුගිය අප්‍රේල් මාසයේ මැද භාගයේ සිට චීනයෙන් වාර්තා වූ වැඩිම ආසාදිත පිරිස බව චීන මාධ්‍ය පවසයි.
චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව විසින් අද (28දා) මෙම දත්ත ප්‍රකාශයට පත්කළ වාර්තාවට අනුව, මෙම ආසාදිතයන් 101 අතුරින්, 98 දෙනෙකුම දේශීයව සම්ප්‍රේෂණය වූවන් වන අතර, විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන් තිදෙනෙකුද ඒ අතර වෙයි.
දේශීයව සම්ප්‍රේෂණය වූවන්ගෙන් 89 දෙනෙකු සින්ජියැන් උයිගර් ස්වයං පාලන කලාපයෙන්ද, 8 දෙනෙකු ලියාඕනිං පළාතෙන්ද, එක් අයෙකු බීජිං හිද වාර්තා වී ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසම සිය දෛනික වාර්තාවේ සඳහන් කරයි. එසේම රෝග ලක්ෂණ නොමැති 27 දෙනෙකුද එදින වාර්තා කර ඇති අතර, ඔවුන් සමස්ත ආසාදිත අගයට චීනය ඇතුළත් නොකරයි.
මීට පෙර දිනයේද චීනයෙන් ආසාදිතයන් 68 දෙනෙකු වාර්තා වූ අතර, ඉන් 64 දෙනෙකුම දේශීයව සම්ප්‍රේෂණය වූ අය වෙයි. මෙම තත්ත්වය තුළ විශේෂයෙන්ම සින්ජියැන් හි ආසාදිතයන් පාලනය කිරීම සඳහා චීනය වේගවත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද වාර්තා වෙයි.