ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලාංකිකයන් 479ක් හෙට දිනයේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ඔහු පැවැසීය.
එසේම මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 39ක පුද්ගලයන් 3805ක් නිරෝධායන වෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
නාවික හමුදාව කොවිඩ් 19 වැළැක්වීමේ ක්‍රියාවලියෙන් ඉවත්ව ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බවත් ඔවුන් තවදුරටත් කොවිඩ් 19 තුරන් කිරීම හා පැතිරිම වැළැක්වීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.