ශ්‍රී ලාංකික ගුවන් මගීන් 320 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12) දින දහවල් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ගුවන් මගීන් ලොව පුරා පැතිර ගොස් ඇති කොරෝනා වෛරස ආසාදිත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ චෙන්නායි නුවර රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි .
ඔවුන් අද දින දහවල් 12.35 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1122 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් මගීන් අතර ගර්භිනී තත්ත්වයේ පසුවන මාතාවන් පිරිසක් ද සිටියහ .
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම ගුවන් මගීන් සහ ඔවුන්ගේ බඩුබාහිරාදිය විෂබීජහරණය කිරීම සිදු කළහ .
ඉන්පසුව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් එක්ව මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , මොවුන් තුළ කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී දැයි නිරීක්ෂණය කර බලන්නට විය .
මෙම සියලු පරීක්ෂණ කටයුතු නිමාවෙන් පසුව , මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා යුද හමුදාව විසින් , නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත විශේෂ බස් රථ වලින් රැගෙන යෑම සිදු කෙරුණි .