Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
චන්ද්‍රිකා අවලංගු කාසියක් බවත් තමන්ගේ ඡන්ද පෙට්ටියේ ඡන්ද 11ක් ගත්ත කෙනෙකු නිසා එයා ගැන කතා කරන වෙලාවත් අපරාධයක් බව පා.ම .එස්.බි දිසානායක මහතා පවසයි.
දිසානායක මහතා එසේ පැවසුවේ අද (06) හැටන් ප්‍රදේශයේ දී පැවැත්වු මාධ්‍ය හමුවක දිය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා ,
චන්ද්‍රිකා මැතිනිය හැමදාම කළේ පක්ෂයට විරුද්ධව කල්ලි කණ්ඩායම් හදාගන්න එක තමයි . එතුමිය එතුමියගේ ආදරණීය අම්මා පක්ෂයේ සභාපති හැටියට ඉද්දී එතුමියගේ ස්වාමියා විජය කුමාරතුංග යි පක්ෂයේ මහලේකම් රත්නසිරි වික්‍රමනායක මැතිතුමයී පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක ටි.බි.ඉලංගරත්න මැතිතුමයි අරගෙන එළියට ගිහිල්ල තමයී ශ්‍රි ලංකා මහජන පක්ෂය හැදුවේ . ඒ වෙලාවේ මැතිනිය එතුමියව අස් කරලා දැම්මා. එතුමිය අස් කරාට පස්සේ මැතිනියට ලංවුණේ අනුර බණ්ඩාරනායක මැතිතුමා. අනුර මැතිනිය එලවලා බොහොම ඉක්මනින් පක්ෂය අතට ගන්න කටයුතු කරන වෙලාවෙ මට සිද්ධ වුණා ආපහු චන්ද්‍රිකා එංගලන්තයේ ඉදන් එක්කගෙන ඇවිල්ලා කොහොම හරි මැතිනියට ළං කරලා චන්ද්‍රිකා මැතිනිය පක්ෂයට ගන්න පක්ෂයේ හා මැතිනියගේ ආරක්ෂාවට.
මට මතකයි මමයි , මංගල සමරවිරයි, ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේයි, අලවි මවුලානයි මැතිනිය එක්ක සියක් වතාවක් සාකච්චා කරන්න ඇති චන්ද්‍රිකා මැතිනිය ගන්න. හැබැයි ඒ එක වෙලාවකවත් චන්ද්‍රිකා මැතිනිය ගන්න සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එකඟ වුණේ නෑ. අවසානයේ අපි කියල කියලා මැතිනිය එකඟ කර ගත්තම නුවරඑළිය නිල නිවාසය වෙන්කරගෙන චන්ද්‍රිකා මැතිනිය සමග දින දෙකක් සාකච්චා කරන්න යොදාගන්න උපදෙස් දුන්නා. එම රැස්වීමට ලක්ෂ්මන් ජයකොඩි, කේ.බි.රත්නායක , ධර්මසිරි සේනානායක, දි.මු ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ හා රිචඩ් පතිරණ මැතිතුමන්ලාට ඒ සාකච්ඡාවට එන්න කියන්න කිව්වා. මැතිනිය මගේ බිරිඳ තමරාත් එක්ක එදා උදෙන්ම නුවරඑළියට ගියා. මංගල මගෙත් එක්ක නුවරඑළියට ගියා. අපි ආරාධනා කරපු එක්කෙනෙක්වත් ඒ සාකච්ඡාවට ආවේ නෑ. ඒ ආවේ නැත්තේ ඒ සියලුදෙනාගේම තදබල විරෝධයක් තිබුණා චන්ද්‍රිකා මැතිනිය නැවත පක්ෂයට ගැනීම සම්බන්ධව .
හැබැයි මට තේරිච්ච දේශපාලනය තමයී චන්ද්‍රිකා මැතිනිය අරගෙන ඒ හරහා අනුරගේ බලය අඩු කරලා ඒ තුළින් මැතිනිය ශක්තිමත් කරලා ඊළඟ මැතිවරණ දිනවන්න වමේ දේශපාලන ශක්තිය ගොඩනගන්න පුළුවන් කියන එක. ඒ අනුව කටයුතු කළා ඒ උපාය සාර්ථක වුණා.
අපි පොදුජන එක්සත් පෙරමුණ හැදුවා ඒ තුළින් චන්ද්‍රිකා මැතිනිය මහ ඇමතිනිය, අගමැතිනිය, ජනාධිපතිනිය කළා. හැබැයි බණ්ඩාරනායක මැතිනිය චන්ද්‍රිකා මැතිනිය අරගෙන අත්තනගල්ල සංවිධායක දුන්නා හැරෙන්න වෙන කිසිම තනතුරක් දුන්නෑ. ඒ වගේම මහඇමති කරන්න හදනකොට අපි ඒකට තදින්ම විරුද්ධව වුණා. ඇතුලත් මුදලි ඝාතනය විම නිසා අපිට චන්ද්‍රිකා මැතිනිය මතුකරලා ගන්න පුළුවන් වුනා.
ඇත්තටම ඉතිහාසයේ චන්ද්‍රිකා මැතිනිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයටත් එතුමියගේ මැණියන් වු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටත්, එතුමියගේම සහෝදරයා වු අනුර බණ්ඩාරනායක මහතාටත් හා සහෝදරිය වු සුනේත්‍රා බණ්ඩාරනායක මැතිනියටත් පුදුම විදියට හතුරුකම් කරපු කාන්තාවක්. ඒ නිසා මම පුදුම වෙන්නෑ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මේ වෙලාවේ නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතුවෙලා ඔය කරන දේ ගැන. හැබැයී දැන් එතුමිය අවලංගු කාසියක්. එතුමිය අවලංගු කරේ ලංකාවේ වෙන කොහෙවත් නෙමෙයි හොරගොල්ලේ එතුමියගේ ඡන්ද පෙට්ටියේ එතුමිය වෙනුවෙන් ඡන්ද 8 යි නැත්නම් 11 යි වැටිලා තිබ්බේ. ඒක තමයී එතුමියගේ අවලංගු භාවයේ සීල් එක. ඒ නිසා චන්ද්‍රිකා මැතිනිය කරන දේ ගැන කතා කරන එකත් අපි කාලය නාස්ති කිරිමක්.
ඒ වගේම එතන සම්මේලනයක් තිබුණෙත් නෑ. ශ්‍රි ල නි ප යේ කවුරුත් හිටියෙත් නෑ. ඈත කාලේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු මංගල , රාජිත , ඒ වගේ පරණ පිරිසක් හිටියේ. ඒ වගේම අපරාදේ දේශපාලන වශයෙන් අනාථයෙක් වුණ වෙල්ගම වගේ කිපදෙනෙක් හිටියා . ඒ හැරෙන්න එතන ශ්‍රි ල නි ප පාක්ෂිකයන් කවුරුත් හිටියේ නෑ. මම හොඳටම දන්නව ගම්මාන ප්‍රදේශ කිපයකින් එක්සත් ජාතික පාක්ෂිකයෝ කිපදෙනෙක් එජාපය විසින් ගෙනල්ලා දුන්නා.
තොන්ඩමන් ඇමතිතුමා අපි දෙගොල්ලොම 2015. අසාර්ථක වුණා තමයි. පසුගිය පළාත් පාලනය ඡන්දය නුවරඑළිය දිස්ත්‍රික්කයේ දින්නේ අපි. ඒ එක්කම දිගාම්බරම් ඇමතිවරයා ඇතුළු කණ්ඩායමට අන්ත පරාජයක් අත් වුණා. ඒ නිසා මේ නුවරඑළිය පරදිනකොටත් හඟුරන්කෙත වගේ ආසන දින්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ නිසා නුවරඑළිය ජයග්‍රහණය කරන්න අපිට ගැටලුවක් නෑ. කම්කරු ජනතාව දන්නවා වතුකරයට පාසල් ගෙනාවේ, වතුකරේ දරුවන්ට රජයේ රක්ෂා දුන්නේ ,ඉස්පිරිතාල දියුණු කළේ , පාරවල් හැදුවේ, ගෙවල් දුන්නේ තොණ්ඩමන් ඇමතිවරයා බව. ඒ වගේ වතුකරයට කේරළ ගංජා.කුඩු ගෙනාවේ කවුද කියලත් දන්නවා.
මේ අවස්ථාවට ශ්‍රිලනිප නුවරඑළිය දිස්ත්‍රික් නායක හා සංවිධායක ඩබ්ලිව්.ජි.රණසිංහ මහතාද එක්ව සිටියහ.
මස්කෙළිය - ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක
popular news
Nandana Wednesday, 06 November 2019 01:35 PM
මේ වගේ කටකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ, චන්ද්‍රිකා අවලංගු කාසියක් උනාට වාචාල නැහැ ,
Reply : 0 0
Prabath Gunathilaka Wednesday, 06 November 2019 01:45 PM
එතකොට එස් බී දිසානායක මහත්තයා මොන කාසියක් ද කියලා දන්නෙ නෑ .මම හිතන්නේ එතුමා තමයි නියම අවලංගු කාසිය මොකද කියලා කියනා නම් පසුගිය මහ මැතිවරණයේදී එතුමාට ජයග්‍රහණය කරන්න බැරි වුණා පස්ස දොරෙන් හොර පාරෙන් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් උනේ නමුත් චන්ද්‍රිකා මැතිණියගේ එහෙම ඉතිහාසයක් නෑ
Reply : 0 1
Batangala Wednesday, 06 November 2019 01:56 PM
දැන් ගෙදර ඉඳන් මාද්‍ය සාකච්චා කරන්නේ ස්ටේජ් නැග්ගම හූ කියන නිසා ලොක්ක තහනම් කල නිසාද? නැත්නම් විමල්ට කියපු කතා වලට අංචියක් අදිලද?
Reply : 0 0
dayan Wednesday, 06 November 2019 01:59 PM
මේ කියන කෙනා නම් පොට්ට කාසියක්. කගේ හරි නැට්ටක් අල්ලාගෙන උඩට එන්න බලන්නේ. එත් අයෙත් පාර්ලිමේන්තු යනවා බොරු.
Reply : 0 4
Nihal Wednesday, 06 November 2019 02:14 PM
අවලන්ගුවුණු කෙනෙක්නම් අයි ඔයතරම් කතාකරන්නේ පාඩුවේ ඉන්නවකෝ . අපි මෝඩ නැ තමුසෙලා කැ ගහන එකෙන්ම පේනවා වෙලා තියෙන වින්නැහිය
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd