චීනයේ චැන්ග්-5 ගවේෂණයේ ඕබිටර්-රිටනර් හෙවත් ආපසු පෘථිවිය කරා පැමිණෙන යානය සඳ-පෘථිවි හුවමාරු කක්ෂයට ඇතුළු වී ඇති බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය නිවේදනය කරයි.
චන්ද්‍ර පෘෂ්ඨයේ සිට කිලෝ මීටර් 230ක් පමණ දුරින්, ඕබිටර්-රිටනර් යානා එන්ජින් හතරක් ක්‍රියාත්මක කරමින්, සඳ-පෘථිවි හුවමාරු කක්ෂයට ඇතුළු වී ඇත.
ඒ අනුව මිනිත්තු 22කට පමණ පසු, ඕබිටර්-රිටනර් යානා සාර්ථකව පවරා ඇති කක්ෂයට ඇතුළු වූ විට එන්ජින් යළිත් අක්‍රීය කර තිබේ.
සඳ-පෘථිවි හුවමාරු කක්ෂය, හොහ්මන් ට්‍රාන්ස්ෆර් ලෙසද හැඳින්වේ. මෙය ඉන්ධන කාර්යක්ෂම මාර්ගයක් ලෙස සැලකෙයි. අභ්‍යවකාශ යානා කක්ෂ අතර හුවමාරු වීමට හැකි තරම් අඩු ඉන්ධන භාවිත කරයි.
ඒ අනුව ඒකාබද්ධ ඕබිටර් හා රිටනර් යානා දැන් චන්ද්‍ර ගුරුත්වාකර්ෂණයෙන් බේරී පෘථිවිය දෙසට යන මාවතක ගමන් කරමින් සිටියි.
මෙම ඕබිටර් සහ රිටනර් යානා පෘථිවියේ සිට කිලෝමීටර් 5,000 ක් පමණ දුරින් එකිනෙකාගෙන් වෙන්වීම සිදුවනු ඇති අතර, පෘථිවිය වෙත ගොඩබසිනු ලබන්නේ රිටනර් යානය පමණි.
මෙම මෙහෙයුමේදී එකතු කරන ලද චන්ද්‍ර සාම්පල සමග රිටනර් යානය දෙසැම්බර් මැද භාගයේදී උතුරු චීනයේ අභ්‍යන්තර මොන්ගෝලියාවේ ස්වයං පාලන කලාපයේ සිසිවාන්ග් වෙත ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඕබිටර්, ලෑන්ඩර්, ඇසෙන්ඩර් සහ රිටනර් යන යානාවන්ගෙන් සමන්විත චැන්ග්-5 අභ්‍යවකාශ යානය නොවැම්බර් 24 වැනි දින දියත් කරන ලදී.