බ්‍රසීලය තුළ කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේදී හදිසි භාවිතය සඳහා චීනයේ සීනොවැක් හි කොරෝනාවැක් එන්නත සහ ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා අනුමැතිය ලබාගැනීමට එරට ජාතික සෞඛ්‍ය නියාමන ආයතනය වන ඇන්විසා වෙත ඉල්ලීම් ලැබී ඇති බව තහවුරු කරයි.
සීනොවැක් විසින් සංවර්ධනය කරන ලද කොරොනාවැක් එන්නත අත්හදා බැලීමට බ්‍රසීලයේ බුටැන්ටන් ආයතනය අනුමැතිය ඉල්ලා සිටි අතර, එය බ්‍රහස්පතින්දා තුන්වැනි අදියර අත්හදා බැලීම්වලදී 78% ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කළේය.
ඔස්වල්ඩෝ කෘස් පදනම (ෆියෝක්‍රස්) ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රා මිලියන දෙකක් පර්යේෂණාත්මක පදනමක් මත ඇණවුම් කළේය.