චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොරෝනා වෛරසයට එරෙහි එන්නත බ්‍රසීලයේදී සිදුකරන ලද අවසන් අදියර සායනික පරීක්ෂණවලදී 78%ක් ඵලදායී බවක් පෙන්වා ඇති බව පර්යේෂකයන් පවසයි.
ඒ අනුව මෙම එන්නත හදිසි භාවිතය සඳහා කරන ලද ඉල්ලීමක කොටසක් ලෙස සවිස්තර ප්‍රතිඵල විස්තරය එරට සෞඛ්‍ය නියාමන ආයතනය වෙත ඉදිරිපත් කරන බව, සීනොවැක් හි එරට පර්යේෂණ හා නිෂ්පාදන සහකරු වන බ්‍රසීලියානු ජෛව වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ඩීමස් කෝවාස් පැවසීය.