චීන ජෛව ඖෂධ සමාගමක් වන සීනොවැක් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනාවැක් කොවිඩ්-19 එන්නත් මාත්‍රාව මිලියන 6.5ක් ඊයේ දිනයේ තුර්කිය වෙත ගෙනඑනු ලැබීය.
එන්නත් රැගත් තුර්කි ගුවන් සේවයේ යානයක් චීනයේ බීජිං සිට අලුයම ඉස්තාන්බුල් ගුවන් තොටුපළට ළඟා වී තිබේ.
ගුවන්තොටුපලේ රේගු නිෂ්කාශන විධිවිධාන අවසන් කිරීමෙන් පසු අවශ්‍ය ආරක්ෂක පරීක්ෂණ සඳහා එන්නත් ඉස්තාන්බුල්හි ගබඩාවන් කිහිපයකට මාරු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.
ඒ අනුව මෙම පරීක්ෂණ දින 14 ක් පවතින බවත්, පසුව එන්නත් වැඩසටහන සඳහා භාවිත කිරීමට දිවයිනේ පළාත් 81කට එන්නත් බෙදාදෙන බවත් අමාත්‍යාංශය පවසයි.
මෙම නවතම එන්නත් තොගය, මාත්‍රා මිලියන 10ක දෙවන සැලසුම්ගත තොගයක කොටසක් බව තුර්කි සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින් කොකා ඉරිදා නිවේදනය කළේය. ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ රට තුළ මහජන එන්නත් කිරීමේ වැඩසටහන අඛණ්ඩව අඛණ්ඩව පවත්වා ගෙන යන අයුරින් ඉතිරි ඒවා ලබා දෙන බවයි.
2020 දෙසැම්බර් මස අවසානයේදී චීනයෙන් කොවිඩ්-19 එන්නත් මාත්‍රාව මිලියන 3ක් ලබා ගැනීමෙන් පසු තුර්කිය ජනවාරි 14 වැනි දින මහා එන්නත් කිරීමේ ව්‍යාපාරය දියත් කළේය.
ඉස්තාන්බුල්හි ෆෙරිහා ඕස් හදිසි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා වන නියුරෙටින් යියිට් පැවසුවේ එන්නත රටට පැමිණීමේ වේගය රට තුළ එන්නත් කිරීමේ වැඩසටහනේ වේගය තීරණය කරන බවයි.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව, මේ දක්වා තුර්කි පුරවැසියන් මිලියන 1.25කට වැඩි පිරිසකට එන්නත් ලබා දී ඇති අතර, සැලසුම් කර ඇති පරිදි වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතී.