ශ්‍රී ලංකාව පාලනය කිරීම සඳහා චීනය ණය උඟුක් අටවා ඇති බවට සඳහන් ප්‍රකාශ ශ්‍රි ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර ඇති බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සාවෝ ලිජියෑන් පෙරේදා (13දා) පැවැසීය.
විදේශ අමාත්‍යාංශයේ දිනපතා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ලිජියන් මේ බව සඳහන් කළේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇතුළු ඇමෙරිකානු ඉහළ නිලධාරීන් චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන හරහා රටවල් වෙත ලබාදෙන ආයේජන හොඳ නැති බවත් ණය උගුල් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් අදාළ රටවලට සඳහන් කරන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පිළිබඳව යොමුකළ ගැටලුවකට පිළිතුරු දෙමිනි.
එසේම චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටනට සම්බන්ධ කිසිම පාර්ශ්වකරුවෙක් මේ දක්වා ණය උගුලකට හසුවී නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.
“පොම්පියෝ ‘බොරු කීම, සොරකම් කිරීම, වංචා කිරීම’ එක්සත් ජනපදයේ ‘මහිමය’ ලෙස විවෘතව සලකයි. ඔහු බිඳුණු වාර්තාවක් වගෙයි. ‘චීන විරෝධී’ වාක්‍ය නැවතත් නැවතත් කියනවා. ඊනියා ‘ණය උගුල’ ඇමරිකාවේ ‘බොරු රාජ්‍ය තාන්ත්‍රිකත්වයට’ තවත් උදාහරණයක්.
මේ දක්වා එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට (BRI) සම්බන්ධ කිසිම හවුල්කරුවෙකු ඊනියා ණය උගුලකට හසු වී නෑ. බොහෝ හවුල්කරුවන් මෙම වැඩසටහන ගැන ඉහළින් කථා කර තිබෙනවා. නිදසුනක් වශයෙන් කිව්වොත් ශ්‍රී ලංකාව පාලනය කිරීම සඳහා චීනය ණය උගුලක් අටවා ඇති බවට කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 09දා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළා.
ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ඉදිකිරීම හා සංවර්ධනය සඳහා චීනය විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය පුළුල් ලෙස සංවර්ධනය කිරීම වැනි එක් මාවතක් එක් තීරයක් වැඩසටහන යටතේ ඇති ව්‍යාපෘති ඒකාබද්ධව ඉදිකිරීම හා ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව සෑම උත්සාහයක්ම දරනවා. මේ හරහා දෙරටේ ජනතාවට ඉහළ මට්ටමේ සහ වඩා හොඳ ප්‍රතිලාභයක් ලැබෙනවා.
සැවොම දන්නා පරිදි, බී.ආර්.අයි සහයෝගීතාව පුළුල් උපදේශනය, ඒකාබද්ධ දායකත්වය සහ හවුල් ප්රතිලාභ යන මූලධර්මවලට අනුකූලයි. එය විවෘත, හරිත හා පිරිසිදු ප්රවේශයන් තුළින් ඉදිරියට යන අතර උසස් ප්රමිතීන්, ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ තිරසාර බව යන අංශයන්හි සංවර්ධනය ළඟා කර ගැනීම අරමුණු කරනවා. ආර්ථික,
එක්මාවතක් එක් තීරයක් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපක්ෂපාතී ලෙස බලා විශ්ලේෂණය කර නිවැරදි නිගමනයකට එළඹෙනු ඇතැයි චීනය විශ්වාස කරනවා.”