චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ, මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං, චීනය පිළිබඳ සත්‍ය, බහු-මාන හා පුළුල් දෘෂ්ටියක් ඉදිරිපත් කිරීම සඳහා වූ ජාත්‍යන්තර සන්නිවේදනයේ නිරතවීමේ හැකියාව වැඩි දියුණු කිරීම අවධාරණය කරයි.
කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන කාර්යාංශයේ කණ්ඩායම් අධ්‍යයන සැසියක් අමතමින් ෂී මෙම ප්‍රකාශය සිදුකළ බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ.
රටේ ජාත්‍යන්තර සන්නිවේදනය වැඩිදියුණු කිරීම සහ චීනයේ විස්තීර්ණ ජාතික ශක්තිය හා ජාත්‍යන්තර තත්ත්වය සමග ගැළපෙන ජාත්‍යන්තර කතිකාව තුළ හඬක් වර්ධනය කිරීම කෙතරම් වැදගත් හා අවශ්‍යද යන්න පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබිය යුතු බව ෂී අවධාරණය කළේය.
වර්ෂ 2012 දී 18 වැනි චීන කොමියුනිස්ට් පක්ෂ, ජාතික සම්මේලනයේ සිට ජාත්‍යන්තර කතිකාව සඳහා චීනයේ බලපෑම සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇතත්, රට නව තත්ත්වයන් හා කර්තව්‍යයන් සමග ඉදිරියට යන බව ෂී පැවසීය.
චීනයේ භාවිතයන්, ස්වකීය න්‍යායන් මගින් අර්ථ නිරූපණය කරමින් චීනයේ කතිකාව සහ ආඛ්‍යානය ගොඩනැගීමට වැඩි උත්සාහයක් අවශ්‍ය බව ෂී අවධාරණය කළේය.
චීනයේ සැබෑ කතාව සහ ඒ කතාවන් පිටුපස ඇති අධ්‍යාත්මික ශක්තිය වඩාත් හොඳින් පැවසීම සඳහා නව සංකල්ප, නව විෂ්‍ය පථයන් සහ නව ප්‍රකාශන විධි භාවිත කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
එසේම චීන කොමියුනිසට් පක්ෂය අනුගමනය කරන්නේ චීන ජනතාවගේ යහපැවැත්ම හැර අන් කිසිවක් නොවන බව විදේශීය ප්‍රේක්ෂකයන්ට තේරුම් ගැනීමට වැඩි උත්සාහයක් ගන්නා ලෙසද ෂී ඉල්ලා සිටියේය.
චීන සංස්කෘතිය විදේශයන් වෙත හඳුන්වා දීමටත් චීනයේ විශ්වසනීය, ප්‍රශංසනීය හා ගෞරවනීය ප්‍රතිරූපයක් හැඩ ගැස්වීමටත් උත්සාහ කළ යුතු බව ඔහු සඳහන් කළේය.
ගෝලීය කටයුතුවලදී විශාල කාර්යභාරයක් ඉටුකිරීමේ හැකියාව මෙන්ම, අනෙකුත් රටවල් සමග මානව වර්ගයාගේ ගැටලු ඒකාබද්ධව විසඳීම සඳහා විශාල දායකත්වයක් සැපයීමේ හැකියාව සහ වගකීමද රටට ඇති බැවින් චීනයේ ස්ථාවරය, හැකියාව සහ ප්‍රවේශය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම ෂී අවධාරණය කළේය.
අන්තර්ජාතික ප්‍රජාවට වඩා යුක්තිසහගත හා සාධාරණ ජාත්‍යන්තර පිළිවෙතක් සැකසීමට හා නව ආකාරයේ ජාත්‍යන්තර සබඳතා ඇති කර ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවට මඟපෙන්වීම වෙනුවෙන් ඒකපාර්ශ්විකත්වයට සහ ආධිපත්‍යයට විරුද්ධ විය යුතු බවද ඔහු පැවසීය.
අවසන් වශයෙන් රටේ අන්තර්ජාතික සන්නිවේදනයේ ආකර්ෂණය හා ඵලදායීතාව ඉහළ නැංවීම වෙනුවෙන් චීනය තේරුම් ගන්නා මිතුරන්ගේ කවය පුළුල් කිරීම සඳහා පුද්ගල හුවමාරුව සිදුකිරීම, ජාත්‍යන්තර සන්නිවේදනය සඳහා දක්ෂ වෘත්තිකයන් බිහි කිරීම, ජාත්‍යන්තර සන්නිවේදනයේ න්‍යායන් අධ්‍යයනය කිරීම සහ එහි නීති වඩා හොඳින් ග්‍රහණය කර ගැනීම සඳහා කටයුතු කරන ලෙස චීන නායකයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.