ණය කාඩ්පත් (Credit card) මුද්‍රණය කිරීමට යොදා ගන්නා යන්ත්‍රයක්, මුද්‍රණය කිරීමට භාවිත කරන හිස් කාඩ්පත් 05ක් හා ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සමඟ චීන ජාතිකයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඊයේ සවස කොල්ලුපිටිය හෝටලයකදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් හා දේපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.