චීනයේ කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 200ක් ඊයේ (21දා) දිනය වනවිට ලබා දී ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම මාධ්‍ය හමුවකදී කියා සිටියේ, රටේ සෞඛ්‍ය සේවකයින්ගෙන් 80%කට වැඩි පිරිසකටද එන්නත ලබා දී ඇති බව පවසමිනි.
චීනයේ රෝග පාලනය හා වැළැක්වීමේ චීන මධ්‍යස්ථානයේ ප්‍රධාන විශේෂඥ ෂාවෝ යිමිං පැවසුවේ රට තුළ ප්‍රජා ප්‍රතිශක්තිය තහවුරු කිරීම සඳහා ජනතාවට එන්නත ලබාදීම අත්‍යවශ්‍ය මෙවලමක් බවයි.
"මිනිසුන්ට එන්නත් ලබාගැනීම රෝගයක් සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා වඩාත් ඵලදායී පියවරක් වෙනවා. මිනිසුන් එන්තත් මාත්‍රාව ලබා නොගන්නේ නම්, ඔවුන් සියයට සියයක් ඵලදායී නැහැ. එවිට ප්‍රතිශක්තිකරණ බාධක ඇති වන අතර, ප්‍රජා ප්‍රතිශක්තිය ලබාගත නොහැකියි." ෂාවෝ කීවේය.
රටේ සෑම කෙනෙකුටම එන්නත ලබා දුන්නොත්, වරින් වර ආසාදිතයන් මතුවීමේ හැකියාව තිබුණත්, බරපතල ලෙස ආසාදන පැතිරයාමේ හැකියාව බෙහෙවින් අඩු බව ෂාවෝ වැඩිදුරටත් පවසයි.
මහා පරිමාණයේ එන්නත්කරණය මගින් වෛරසයේ ප්රභේදයන් මතුවීම මන්දගාමී වන අතර අනාගත විකෘති ඇතිවීමට ප්‍රතිචාර දැක්වීමට පර්යේෂණ ආයතනවලට කාලය ලැබෙන බවද කියා සිටියේය.
ලොව පුරා තහවුරු කරන ලද ආසාදන අඛණ්ඩව සති අටක් පුරා ඉහළ යමින් පවතී. පසුගිය සතියේ පමණක්, නව ආසාදිතයන් මිලියන 5.26 ක් වාර්තා වී ඇත. එය වසංගතය ආරම්භයේ සිට සතිපතා ඉහළම අගයයි.