චීන ජෛව ඖෂධ සමාගමක් වන සීනොවැක් විසින් නිපදවන ලද කොරෝනාවැක් කොවිඩ්-19 එන්නත මාත්‍රා මිලියන 2ක් ඊයේ (28දා) චිලියේ අගනුවර වන සන්තියාගෝ වෙත පැමිණ තිබේ.
චිලියේ ජනාධිපති සෙබස්තියන් පිනෙරා, සෞඛ්‍ය අමාත්‍ය ජෙයිම් මනාලිච් සහ චිලියේ චීන තානාපති කාර්යාලයේ භාරකාර ෂෝ යී යන අය ආටුරෝ මෙරිනෝ බෙනිටෙස් ගුවන් තොටුපලේදී එම එන්නත් තොගය නිල වශයෙන් භාරගැනීම සිදුවිය.
චිලිය විසින් කොවිඩ්-19 එන්නත වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහාද ව්‍යාප්ත කරන බවත්, දෙවැනි කාණ්ඩයේ මාත්‍රාවන් මිලියන 2ක් මෙම සතිය අවසානයේදී පැමිණෙන බවත් පිනෙරා පැවසීය.
පෙබරවාරි මාසයේ සිට රට එන්නත් කිරීම ආරම්භ කරන බවත්, පෙබරවාරි මැද භාගය වනවිට තමාද එන්නත ලබා ගැනීමට සැලසුම් කර ඇති බවත් පිනෙරා පැවසීය.