රටේ දැවැන්ත එන්නත්කරණ ක්‍රියාවලිය අතරතුර චීනයේ කොවිඩ්-19 එන්නත් ලබාගත් ජනතාව සෑම මිලියනයකටම දැඩි සංකූලතා වාර්තා වූ සිද්ධීන් 119ක් තරම් (0.01%ක් තරම්) අඩු අගයක් ගන්නා බවත්, මෙය ඇතැම් බටහිර එන්නත් සඳහා වාර්තා වී ඇති දැඩි සංකූලතා සිද්ධීන් ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු අගයක් බවත් චීනයේ එන්නත් නියාමකයන් පවසයි.
ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මැද භාගයේ සිට ඇරඹි මාස හතරහ මාරක කාලය තුළ ලබාදුන් එන්නත් මාත්‍රා මිලියන 265න් තරමක් දැඩි සංකූලතා ඇති වූ සිදුවීම් 31,434ක් පමණක් වාර්තා වී ඇති බව චීනයේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය ප්‍රකාශයක් නිකුත් කරමින් ඊයේ (28දා) දිනයේ කීය.
වාර්තා වූ එම සමස්ත සිදුවීම්වලින් 17%ක් පමණ යම් අසාමාන්‍ය ප්‍රතික්‍රියාවන් පෙන්වා ඇතත්, උණ සහ එන්නත් කිරීමෙන් ඇතිවන වේදනාව වැනි අතුරු ආබාධ අනෙක් ඒවාට හේතු වී තිබේ.
ෆයිසර්, මොඩෙර්නා සහ ඇස්ට්‍රාසෙනෙකා විසින් නිපදවන ලද කොවිඩ්-19 එන්නත්වලින් පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා තෙහෙට්ටුව, හිසරදය, ඔක්කාරය හා උණ වැනි පශ්චාත් සංකූලතා බලපෑම් ඇති වූ බව බ්‍රිතාන්‍ය මීට පෙර වාර්තා කර තිබුණි.
මෙහිදී අසාමාන්‍ය ප්‍රතික්‍රියා ලෙස අවයවවලට හානි වීම සහ එන්නත් කිරීමෙන් පසු බරපතල අසාත්මිකතා සම්බන්ධයෙන් පැහැදිලි කරන චීනයේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය, දැඩි සංකූලතා ඇති වූ සිද්ධීන් 5,356ක් අතර, දරුණු ලෙස සැලකිය හැකි සිද්ධීන් 188ක් පමණක් පවතින බවද කියයි.
ඒ අනුව කොවිඩ්-19 එන්නත්වල සාමාන්‍ය අතුරු ආබාධ සහ අසාමාන්‍ය ප්‍රතික්‍රියා යන දෙකම වෙනත් එන්නත්වලට සාපේක්ෂව, චීනය විසින් ලබාදීම ආරම්භ කරන ලද එන්නත්වල අසාමාන්‍ය ප්‍රතික්‍රියා වේගය ඉතා අඩු මට්ටමක පවතින බව චීනයේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම වාර්තාවෙන් ආවරණය වන මාසවලදී, එනම් 2020 දෙසැම්බර් මැද සිට අප්‍රේල් මස අවසානය දක්වා එන්නත් පහක් චීනයේ පරිපාලනය කර ඇත. ඒ අතර, රජය සතු නිෂ්පාදකයෙකු වන සීනොෆාම් සහ සීනොවැක් බයෝටෙක් හි එන්නත් පිළිබඳ වැඩි අවධානයක් මෙම අධ්‍යයනයේදී යොමු කර තිබේ.