ළමයින් හා නව යොවුන් වියේ දරුවන් සඳහා චීනයේ සීනොවැක් බයෝටෙක් සමාගම සංවර්ධනය කරන ලද කොරෝනාවැක් කොවිඩ්-19 මර්දන එන්නත පිළිබඳ සායනික පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ එම එන්නත් මාත්‍රා දෙකක් ඔවුන් සඳහා ආරක්ෂිත අතර, ශක්තිමත් ප්‍රතිදේහ ප්‍රතිචාරයක් ජනනය කරන බවයි.
බෝවන රෝග සම්බන්ධයෙන් ලැන්සෙට් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද නවතම අධ්‍යයනයකට අනුව මෙම කරුණු අනාවරණය කර තිබේ.
චීන පර්යේෂකයන් අහඹු ලෙස තෝරාගත් එරට වයස අවුරුදු 3 සිට 17 දක්වා නිරෝගී දරුවන් හා නව යොවුන් දරුවන් 500කට වැඩි පිරිසක් යොදා ගනිමින් අදියර 1/2 අත්හදා බැලීම් සිදුකර තිබේ. එහිදී අදියර 1/2 යනු 1 සහ 2 අදියරයන් එක් ප්‍රොටෝකෝලයකට ඒකාබද්ධ කළ සායනික අත්හදා බැලීමකි.
එහිදී එම ප්‍රතිඵලවලින් පෙනී ගොස් ඇත්තේ එන්නත මාත්‍රාව ලබාගත් ළමයින් හා නව යොවුන් වියේ දරුවන්ගෙන් 96%කට වඩා වැඩි ප්‍රමාණයක් කොරෝනා වෛරසයට (SARS-CoV-2) එරෙහිව ප්‍රතිදේහ නිපදවූ බවයි.
බොහෝ අහිතකර ප්‍රතික්‍රියා මෘදු හෝ මධ්‍යස්ථ වූ අතර, එන්නත් කරන ස්ථානයේ වේදනාව, බහුලවම වාර්තා වූ රෝග ලක්ෂණය බව අධ්‍යයනය පවසයි.