සෞඛ්‍ය සේවකයන්, ගුරුවරුන්, සොල්දාදුවන්, පොලීසිය සහ ගිනි නිවන භටයින් කෙරෙහි අවධානය යොමු කරමින් උරුගුවේ සිය එන්නත් කිරීමේ ව්‍යාපාරය ඊයේ (01දා) ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍ය ඩැනියෙල් සාලිනාස් පවසයි.
ඒ අනුව අත්‍යවශ්‍ය ඉදිරිපෙළ වෘත්තිකයන් 140,000කට පමණ චීන කොරෝනාවැක් එන්නතේ පළමු වැනි මාත්‍රාව ලබාදීම සඳහා රට පුරා එන්නත් මධ්‍යස්ථාන 90ක් පමණ විවෘත කර තිබේ.
මිලියන 3.4ක ජනගහනයක් සිටින රට තුළ වයස අවුරුදු 18 සහ ඊට වැඩි සෑම දෙනාටම ප්‍රතිශක්තිකරණය සඳහා අවශ්‍ය එන්නත් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය සාලිනාස් පැවසීය.