කොවිඩ්-19 වෛරසයට එරෙහි කොරෝනාවැක් එන්නත තවත් මිලියන 4.8ක් හදිසි භාවිතය සඳහා බ්‍රසීලයේ සෞඛ්‍ය නියාමන ඒජන්සිය (ඇන්විසා) විසින් ඒකමතිකව අනුමත කරන ලදී.
රට පුරා කොවිඩ්-19 එන්නත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ කොරෝනාවැක් මාත්‍රා මිලියන 6ක පළමු කණ්ඩායම භාවිත කිරීමට අවසර දී දිනකට පසුව, සාඕ පවුලෝහි බුටැන්ටන් ආයතනය විසින් සිදුකළ ඉල්ලීමට මෙම අනුමැතිය ලැබී ඇත.
චීනයේ සිනෝවැක් බයෝටෙක් ඖෂධ සමාගම විසින් බුටැන්ටන් ආයතනය සමග එක්ව මෙම එන්නත් නිපදවන ලදී.
කොරෝනාවැක් ආරක්ෂිත හා ඵලදායී එන්නතක් ලෙස තමන් සලකන බව ඇන්විසා පැවසීය. ප්‍රතිශක්තිකරණයේ පළමු සතිය තුළ එය භාවිත කළ අය කිසිදු ගැටළුවක් ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළේය.
කොවිඩ්-19 ට එරෙහිව සීනොවැක් සහ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා හි එන්නත් හදිසි භාවිතයට ගැනීමට ඇන්විසා අවසර දී ඇතත්, සිකුරාදා වන තෙක්ම දකුණු ඇමරිකානු රාජ්‍යයෙහි පැවතියේ කොරෝනාවැක් මාත්‍රාව පමණක් බවද කියයි.
සියලුම බ්‍රසීලියානු ප්‍රාන්ත සහ ෆෙඩරල් දිස්ත්‍රික්ක එන්නත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර, සෞඛ්‍ය වෘත්තිකයින්, ආදිවාසීන් සහ සාත්තු නිවාසවල ජීවත්වන වැඩිහිටියන්ට එන්නත ලබාදීමේදී ප්‍රමුඛතාව හිමිවෙයි.