චීනයේ සීනොෆාම් සහ සිනොවැක් බයෝටෙක් එන්නත් ඇතුළු කොවිඩ්-19 එන්නත් වර්ග හතරක් ඔවුන්ගේ අවසාන තක්සේරුකරණයේ පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහකාර අධ්යක්ෂ ජනරාල් මාරියන්ජෙලා සිමාවෝ පවසයි.
එමෙන්ම අදාළ එන්නත් නිෂ්පාදනයන් හා එම නිෂ්පාදන උපකරණ තක්සේරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට විශේෂඥයන් පිරිසක් යවා ඇති බව සහකාර අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
මෙම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තක්සේරුව ලැබුණු පසුව ඉතා පහසුවෙන් ලොවපුරා භාවිතයට ගැනීම සඳහා ප්‍රවේශය විය හැකි අතරම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන සඳහාද නිර්දේශ කරනු ඇත.
චීනයේ සීනොෆාම් සහ සිනොවැක් බයෝටෙක් යන සමාගම්වල එන්නත් මේ වනවිටත් විවිධ රටවල ඖෂධ නියාමකයන් විසින් දැනටමත් අනුමත කරමින් සිය රටවල එන්නත්කරණ වැඩසටහන් සඳහා යොදාගෙන තිබේ.