ලෝන්ග් මාර්ච් 7 රොකට්ටුවෙන් ඉහළට එසවුණු ටියැන්ෂු-2 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ටියැන්හේ මොඩියුලය වෙත සාර්ථකව ළඟාවී තිබේ.
මෙම ටියැන්ෂු-2 අභ්‍යවකාශ යානය ටියැන්හේ වෙත ළඟාවූයේ එලැඹෙන ජුනි මාසයේදී ගගනගාමීන් රැගෙන පැමිණෙන මෙහෙයුමට අවශ්‍ය භාණ්ඩ හා අවස්ථාව උදා කරමිනි.
චීනයේ ටියැන්ෂු-2 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය වෙන්චැං අභ්‍යවකාශ ගුවන්තොටුපළෙන් දියත් කර පැය අටකට පසු සෙනසුරාදා පෘථිවි කක්ෂයේ වූ ටියැන්හේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන මොඩියුලය සමග සම්බන්ධ වී ඇත.
චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රථම මොඩියුලය වන ටියැන්හේ පසුගිය අප්‍රේල් 28දා දියත් කර මැයි 18 වැනි දින කක්ෂගත කිරීමේ පරීක්ෂණයෙන් සමත් විය.
ටියැන්ෂු-2 යානයේ ටොන් 4.69ක භාණ්ඩ තොගයක් ඇති අතර, ජුනි මාසයේ පැමිණෙන ෂෙන්ෂෝ-12 කාර්ය මණ්ඩලයට මාස තුනක් ආහාර එහි ඇතුළත්ය. එය බාහිර ක්‍රියාකාරකම් අවකාශ කට්ටල සහ වෙනත් සැපයුම්ද මෙහි රැගෙන විත් තිබේ.