ගෝඨාට ඇමෙරිකාවේ නඩු පැවැරීම මැතිවරණයට තරග කිරීම වැළැක්වීමක්
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ නඩු පවරා ඇත්තේ එළැඹෙන මැතිවරණ සඳහා ඔහු තරග කරීම වැළැක්විමට බව පාර්ලිමේන්තු මන්ත්රී කාංචන විජේසේකර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුම හරහා ප්රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි. එසේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම ප්රමාද කිරීම වෙනුවෙන් රජය සෑම ක්රියාමාර්ගයක්ම ගනු ඇති බවත් ඔහු පවසයි.
ලසන්ත වික්රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දක්වා සැකකරුවෙක් ලෙස හෝ නම් කර නොමැති බව පෙන්වා දෙන මන්ත්රීවරයා මේ සම්බන්ධයෙන් වන චෝදනා ඔප්පු කරීම වෙනුවෙන් සිදුකරන විමර්ශන කටයුතු වේගවත් නොකරන්නේ මන්දැයිද ප්රශ්ණ කරයි.

GR not even named as a suspect in the ongoing Investigation and court case on LasanthaW Murder. Only Motive fling a case in US is to stop him from contesting. Govt will use all the tricks to delay his citizenship renouncing. Why not speed investigations here and prove otherwise?
— Kanchana Wijesekera (@kanchana_wij) April 8, 2019
popular news
-
Dayan Monday, 08 April 2019 01:47 PM
මෙය සත්යක් වියහැකිය. නමුත් වෙන කවුරුවත් සුදුසු කෙනෙක් ලංකාවේ නැද්ද? මෙතුමා දිනන බවට ඇති සහතිකය කුමක්ද?
Reply : 0 0
Wimal Monday, 08 April 2019 02:00 PM
It's the work of Mahinda R tell him a and Jamal to withdraw th case. Any way Gotta is a brnrne looser.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

