ගෝඨාගේ නම ඉදිරිපත්වීම අනෙක් නායකයන්ට ආදර්ශයක්
ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස නම් කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඉදිරිපත් වීම අනෙකුත් නායකයන්ටද ආදර්ශයක් වන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (13දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ අනුව තමන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සුදුස්සෙකු යැයි සිතන නායකයන්ටද එලෙස තම නම ඉදිරිපත් කළ හැකි බවත්, එසේම එය වඩා සුදුසුම අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා රුකුලක් වන බවත් ඒ මහතා එහිදී කීය.

popular news
-
rocky Wednesday, 13 March 2019 06:03 PM
ඒක ආදර්ශයක් නම්, ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ මහජනමුදල් පිල්ලි ගහපු, මිනි මරවපු, සුදු වැන් වලින් මිනිසුන්ව උස්සපු අපරාධකාර තක්කඩින්ට පමණයි!
Reply : 0 4
Champa Thursday, 14 March 2019 03:57 PM
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්, එහෙනම් ගෝඨාභයට අමතරව දිනේෂ්, විමල් සහ වෙල්ගමට ඉදිරිපත් වෙන්න පුළුවන්. තව කවුද ඉන්නේ? එච්චරනේ. වෙල්ගමගේ නම කිව්වේ 2015 මහින්ද පැරදුනු වෙලාවේ ඉඳන් පලා යන්නේ නැතුව මෛත්‍රීටත් බය වෙන්නේ නැතුව මහින්ද එක්කම හිටපු ජ්‍යෙෂ්ඨ මන්තිවරයෙක් නිසා. හැබැයි වැඩක් වෙන්නේ නැහැ. ඊළඟ ජනාධිපති පත් වෙන්නේ පොහොට්ටුවෙන් නෙමෙයි.
Reply : 0 5
rocky Thursday, 14 March 2019 06:57 PM
ඕක පිපෙන්නේ නැති පොහොට්ටුවක්. මදේ පනුවෝ කාලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

