හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවතින ඇවන්ට්ගාඩ් නඩුව කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ විභාග කිරීම අත්හිටුවමින් අද (4දා) අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.
ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමක් සලකා බලමිනි. ඇවන්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ සඳහන් කළේ ඇවන්ගාඩ් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේද නඩුවක් ගොනු කර ඇති බවයි.
කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ සහ කොළඹ මහාධිකරණයේ ඇති ඇවන්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය...
