ගෙවුනු දින 08කට උතුරෙන් කොරෝනා රෝගීන් 266ක්
මැයි මස ගෙවී ගිය දින 08 ක කාලය තුලදී උතුරු පළාතෙන් කොවීඩ් 19 වෛරසය වැළඳුනු රෝගීන් 266 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය පෙන්වා දෙයි.
මෙතෙක් වාර්තා නොවූ අයුරින් උතුරු පළාතෙන්ද කොරෝනා රෝගීන් ශිඝ්‍රයෙන් වාර්ථා වීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට ආරක්ෂිතව සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කරමින් කටයුතු කරන ලෙසටද උතුරේ සෞඛ්‍ය නිලධාරීන් ඉල්ලා සිටිති.
මේ අනුව උතුරු පළාතෙන් ගෙවුනු දින 08 ක කාලය තුලදී වැඩිම වාර්ථා වී ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කයෙන් වන අතර එහි ආසාදිතයින් 155 ක් ලෙසින්ද, කිලිනොච්චියේ ආසාදිතයින් 46 ක් ලෙසින්ද, වව්නියාවේ 34 ක්, මුලතිව්හි 16 ක් සහ මන්නාරමේ 15 ක් ලෙසින් වාර්ථා වී ඇත.
පවතින් කොවීඩ් අවධානම හේතුවෙන් උතුරු පළාතේ ජනතාව ගැවෙසෙන් ස්ථාන සියල්ලක්ම යුදහමුදාව, පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් එක්ව විෂබීජහරණයන් සිදු කිරීම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

