කටුනායක ගුවන්තොටුපළ මගීන්ගේ පහසුව සඳහා පිවිසුම් පරියන්තයේ සිට පිටවීමේ පරියන්තය දක්වා නව බස් රථ සේවාවක් ඇරඹමට කටයුතු කර තිබේ.
විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම නව බස් රථ සේවාව ආරම්භ කෙරිණි.
කටුනායක ගුවන්තොටුපලේ පිවිසුම් පරියන්තය දක්වා බස් රථ මෙතෙක් ක්‍රියාත්මක නොවූ අතර මේ නිසා ගුවන් මගීන්ට විවිධ දුෂ්කරතාවයට පුහුණ පැමට සිදුව තිබුණි. ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ප්‍රසන්න රණතුංග මහතා වහාම මෙම බස් රථ සේවය ආරම්භ කරන ලෙස උපදෙස් දුන් අතර ඒ මොහොතේම බස් රථ සේවාව ආරම්භ කිරීමට ගුවන්තොටුපල බලධාරීහු කටයුතු කළහ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 06 ක් මෙහෙයවීමේ පහසුකම් ඇතැත් මේ වන විට ගුවන් තොටුපොළ භාවිත කරන මගී සංඛ්‍යාව මිලියන 12 ක් දක්වා ඉහල ගොස් තිබේ. ඊට ගැලපෙන පරිදි කටයුනායක ගුවන්තොටුපලේ පහසුකම් නැන්වීමට ආරම්භ කර ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙසත් කඩිනමින් ඒවා අවසන් කිරීමට කටයුතු කරන ලෙසත් ඇමතිවරයා ගුවන්තොටුපල බලධාරීන්ට මෙහිදි උපදෙස් දුන්නේය.
