ගුරුවරියකගේ සොරකම හසුවෙයි
අන්සතු ATM කාඩ්පතක් භාවිත කරමින් රුපියල් 10,000ක භාණ්ඩ මිලදී ගත් ගුරුවරියක මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා ඊයේ (26) ඇප මත නිදහස් කර තිබේ.
මෙලෙස ඇප ලැබී ඇත්තේ සහකාර විදුහල්පති ශ්‍රේණිය සමත් ගුරුවරියකටය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන ගුරුවරියක තමන්ගේ ATM කාඩ්පත පසුගිය 20දා නැතිවූ බවට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදුකළ පොලීසිය සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබේ.
තමාගේ ජංගම දුරකථනයට රුපියල් 10,000ක් වැය වූ බවට ලද ශේෂ පිරික්සුමක කෙටි පණිවුඩයක් ලැබුණු බවත් එහි අදාළ වෙළෙඳ සැලේ නම සටහන්ව තිබූ බවත් පැමිණිල්ලේ සටහන් වූ අතර ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලීසිය භාණ්ඩ ලබාගත් වෙළෙඳසැල හඳුනාගෙන ඇති අතර එහි ඇති සි.සි.ටි.වී දර්ශන මත සැකකාර ගුරුවරිය හඳුනාගෙන තිබේ.
අදාළ ගුරුවරිය තමන් සමග පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන ගුරුවරියක බව ATM කාඩ්පත හිමි ගුරුවරිය හඳුනාගෙන ඇති අතර සැකකාර ගුරුවරිය පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එහිදී කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර ගුරුවරිය ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කර ඇති අතර පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
චමිල් රූපසිංහ



චමිල් රූපසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
