ගුරු විදුහල්පති සංගම්වලින් අලුත් ඉල්ලිමක්
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන්න අදාළව ලැබුණ කැබිනට් නිර්දේශ චක්රලේඛයකින් ප්‍රකාශයට පත් කරනවා නම් වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන්න සූදානම් බව ගුරු විදුහල්පති සංගම් සදහන් කළේය.
මේ අතර මහාසංඝරත්නය වගේම විවිධ පාර්ශව ඉල්ලා සිටින්නේ මෙවැනි වසංගත තත්ත්වයක් මැද වුනත් රජය ලබාදීලා තියෙන සාධනීය විසදුම් පිලි අරගෙන දරුවන්ගේ අනාගතය ගැන සිතා මේ වෘත්තීය ක්‍රියාමාර්ග අත්හරින ලෙසයි.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් වෘත්තිය සමිති කිහිපයක් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වුණා. එමෙන්ම රට පුරා විරෝධතා ව්‍යාපාරද ක්‍රියාත්මක කෙරුණා. අදාළ ගැටලුව පිලිබද සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමති අනු කමිටුවක් පත් කළේය.
එම අනු කමිටුවේ යෝජනා මුදල් අමාත්‍යවරයාට අධ්‍යාපන අමාත්‍යවරයාට මෙන්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.
කැබිනට් මණ්ඩලය අදාළ යෝජනාවලට අනුමැතිය ලබාදුන්නා.
ඒ අනුව 2022 අයවැය ලේඛණය ඉදිරිපත් කිරීම හරහා අදාළ වැටුප් වැඩිකිරීම සිදු වන අතර එතෙක් සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස සදහා රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමට ද යෝජනා වී තිබෙනවා.
popular news
-
Prabath Thursday, 02 September 2021 09:58 PM
Naha Naha likhithawa denna one naha. Schools walata report karanna kiyanna Spetember 15 wenakota online teach karanna. Gedara indan karanna dena eka sampoornayen nawathwanna. Computer facility nathi school wala aya thiyena ewata anuyuktha karanna. Essential Service ekak karanna. Dan iwasuwa ethi. Mun thrasthawadiyo. Prabath
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

