ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට කැබිනට් පත්‍රිකාවක්
ගුරු විදුහල්පති වැටුප් ගැටලු විසදීම සඳහා ලබන සඳුදා වන විට වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ගුරු- විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා පිළිබඳ පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පවසා සිටියි.
ලබන සඳුදා වන විට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට උපරිම උත්සහ කරන බව එම කමිටුවේ සාමාජික මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
popular news
-
පොදු ජනයා Thursday, 19 August 2021 06:21 PM
පෞද්ගලික අංශය කොරෝනා පටන්ගෙන සති කිහිපයක් තුළ තම ව්‍යාපාර වලට සිදුවිය හැකි පාඩුව පුරෝකථනය කරමින් වැටුප් කප්පාදුවක් සිදුවිය. පෞද්ගලික අංශයේ සමහර ආයතන සේවක කප්පාදුව නිසා සමහරුන්ට රැකියා අහිමිවිය. එදිනෙදා ආදායම හම්බකරගත් අයට කිසිදු ආදායමක් නැතිවිය. රජය සේවක වැටුප් කිසිඳු කප්පාදුවක් නැතිව ගෙවමින් ඔවුන්ගේ සේවය නිසි අයුරින් නියාමනය නොකරන ලදී. මෙම කාලය තුල නියාමනය නොකළ ගණයට අධ්‍යාපන සේවය ඉහලින්ම වැටේ. මන්ද යත් කොරෝනා උවදුර නිසා අනෙක් සියලු අංශ අභිමවා දැනට වසර එකහමාරක් පමණ නිසි අයුරින් ක්‍රියාත්මක නොවූ අංශය පාසල් පද්ධතියයි. මේ පිළිබද සොයා බලා කටයුතු කරන්න.
Reply : 0 0
පොදු ජනයා Thursday, 19 August 2021 06:21 PM
හැකි සෑම අවස්ථාවකම ගුරුවරුන්ගේ සේවාව පාසැල හරහා පාසල් වේලාව තුලදී ලබාගැනීමට කටයුතු කරන්න. බොහෝ පාසල් වල පරිගණක හා අන්තර්ජාල පහසුකම් ඇත. ඒවා යොදා ගෙන ගුරුවරුන්ට මගින් මාර්ගගත අධ්‍යාපනය පාසල් වේලාව තුලදී දරුවන්ට ලබාදීමේ වැඩපිළිවෙලක් හදන්න. එවිට ගුරුවරුන් නගන අන්තර්ජාල හා උපකරණ ගැටළු වලට හොද විසඳුමක් ලැබෙන අතර. ඔවුන්ගේ සේවා කාලය නිසි ලෙස ලබාගැනීමට හැකි වේ.
Reply : 0 0
පොදු ජනයා Thursday, 19 August 2021 06:23 PM
වැටුප් ගෙවන්නේ නම් සේවකයාගෙන් අදාල සේවය ලබාගැනීම සේවා යෝජකයාගේ කාර්යකි. වැටුප් පමණක් කලට වෙලාවට ගෙවා සේවකයා කරන සේවය ක්‍රමවත්ව නියාමනය නොකිරීමේ පලවිපාක ගෙවමින් සිටී. මෙම අපරාධයේ පලවිපාක මෑත කාලීනව නොව වසර 10 කින් පමණ විඳීමට සිදුවේ. ඒ වනවිට රටේ ඉහල අධ්‍යාපන මට්ටම් අවශ්‍ය රැකියා සඳහා ශ්‍රමය විදෙස් රටවලින් පැතීමට සිදුවේ. මේ පිලිබඳ සියලු පාර්ශ්ව වගකීමකින් කටයුතු කර රට අනවශ්‍ය ප්‍රපාතයකට අද දැමීමෙන් වළකිමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

