ගිනි අවි කම්හලක් වටලයි
බිමල් ෂ්‍යාමන් ජයසිංහ
පොලිස් විශේෂ කාර්යය බලකා ශ්‍රී ජයවර්ධන පුර කඳවුරේ නිලධාරීන් රුවන්වැල්ල රත්නාගල ඉඹුලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනය කරන කම්හලක් වටලා බෝර 12 ගිනි අවි , ටී 56 ජීව උණ්ඩ ,වෙඩි බෙහෙත් සහ ගිනි අවි නිෂ්පාදනයට ගන්නා උපකරණ රැසක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
සැකකරු සමඟ බෝර 12 පතරොම් තුවක්කු පහක්, ගල් කටස් අවි දෙකයි ,බෝර 12 ලී බට් දෙකයි,බෝර 12 යකඩ බට දෙකයි ,ටී 56 උණ්ඩ 10 ක්,වෙඩි බෙහෙත් කරල් හතයි ,බෝර 12 උණ්ඩ තුනයි ,වෙඩි බෙහෙත් කිලෝ එකයි, බෝර 12 හිස් පතරොම් කොපු 28 ක් පොලිස් භාරයට ගෙන ඇත
පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු පාතාල සාමාජිකයන් ඇතුළු අපරාධ කරුවන්ට ගිනි අවි නිෂ්පාදනය කර දීම සහ අලුත් වැඩියා කර දී ඇති මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත .
වයස අවුරුදු 52 ක් වන සැකකරු අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්යය බලකාය පරීක්ෂණ පවත්වයි .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
