ගෑස් සිලින්ඩර් 656298ක් ඉන්දියාවෙන් මිලට ගනියි
ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් ගෑස් බෙදා හැරීම සඳහා භාවිත කෙරෙන ආරක්ෂිත වෑල්ව සහිත හිස් LP ගෑස් සිලින්ඩර 656,298ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉන්දියාවේ ‘M/s.Mauriya Udyog Ltd.’ වෙතින් රුපියල් මිලියන 2,057.1ක මුදලකට මෙම ගෑස් සිලින්ඩර මිලදී ගැනීමට නියමිතය.
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

popular news
-
Champa Thursday, 12 July 2018 08:25 AM
යන යකා කොරහ බිඳ ගෙනම යන්න වගේ යන්නේ. මහා භාණ්ඩගාරේත් හිස් කරලා, මහා බැංකුවත් හිස් කරලා, ඉතිරි බැංකු ටිකත් හිස් කරලා, ලෝකේ වටෙන්ම නයත් අරගෙන, අපි එනකොට මෙහෙම තමයි තිබුනේ කියලා හිස් පෙට්ටගමක් දීල යන්න වගේ හදන්නේ. මං හිතන්නේ ලබන අවුරුද්දේ ඇත්තටම airport ටික වහල දාන්න වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

