ඇමෙරිකා පෝස්ට් වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6 කුත් අතුරුදන්
- 28 04 2026
- 16:41
- {{hitsCtrl.values.hits}} views
- ..
තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමෙරිකා පොස්ට් වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6 ක මුදලක් ඔවුන්ට නොලැබුණ බවට පැමිණිල්ලක්ලැබී ඇති බවත් ඒ පිළිබඳ ව මේ වන විට විමර්ශනයක් සිදු කරගෙන යන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
"තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමෙරිකා පෝස්ට් වෙත ගෙවා ඇති ඩොලර් ලක්ෂ 6 ක් ගැන පරීක්ෂණ මේ වන විට පැවැත්වෙනවා. යූ එස් පෝස්ට් එකට මුදල් නොලැබුණ බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. එය කෙසේද සිදු වුණේ කියන එක ගැන පරීක්ෂණ සිදුකරගෙන යනවා. ආයතනයක් තුළ යම් දෝෂයක් තිබෙනවා නම් පරීක්ෂණ කරගෙන යනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
