ගාල්ල වගේ ක්‍රීඩාංගණයක් මාතරට - සාගල
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමට යන බවට මාධ්‍යයෙන් දුරදිග නොබලා ප්‍රචාරය කිරීම තුළ පසුගිය දිනවල ඇතිවූ ගැටලුකාරී තත්ත්වයට හේතුවවූ බව ව්‍යාපෘති කළමනාකරණ, යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ (25දා) මාතර, කොටපොළ ප්‍රදේශයේ පැවැති උත්සවයකදීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“පසුගිය දවස්වල විශාල ආන්දෝලනයකට ලක්වූ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීම දේශපාලන ලෝකයේ දැඩි කතාබහට ලක්වුණා. ගාලු උරුමය සම්බන්ධයෙන් වගකීම දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ තියෙන්නේ. අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් යම්යම් ගැටලු තියෙන්න පුළුවන්, මේ හැම ප්‍රශ්නයක්ම එළියට දාන්න කලින් ඒ සම්බන්ධයෙන් නිසි සොයා බැලීමක් සිදුකරලා ඒ ගැන රජය සහ මහජනතාව අපහසුතාවට පත් නොවෙන අයුරින් ක්‍රියා කළ යුතුයි. ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරන්න සූදානම් වෙනවා කියලා දැනගත්ත ගමන් මිනිස්සු කුපිත වුණා.
සමහරු හිතන්න ගත්තා මේ මොන කෝලමක්ද කියලා, ඇත්තටම එතැන ගාලු ක්‍රීඩාංගණය ඉවත් කිරීමක් නෙමෙයි තිබුණේ, ලෝක උරුම කොටු පවුරට හානි වෙන අන්දමේ යම්යම් අනවසර ඉදිකිරීම් ඇත්නම් ඒ ගොඩනැගිලි ඉවත් කරන්න තමයි යුතුව තිබුණේ. නමුත් මාධ්‍යයේ ප්‍රචාරය ගියේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරන්න සූදානම් වෙනවා කියලා. මම මාධ්‍යට දොස් කියන්නෙ නැහැ. සමහර වෙලාවට මාධ්‍යය ප්‍රකාශ නිකුත් කිරීමේදී දුරදිග නොබලා කටයුතු කිරීම තමයි මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නෙ.
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරනවා කියලා ඇහුණාම හිතට ලොකු පීඩනයක් එනවා. මමත් ක්‍රිකට්ලෝලියෙක්. මගේ හිතටත් ඒ වචන ඇහුණාම අමුත්තක් දැනුණා. දැනට ගාල්ල ක්‍රීඩාංගණයේ මතභේදයට තුඩුදීපු ගොඩනැගිල්ලේ පන්දහසක පිරිසක් සඳහා ආසන තිබෙනවා. උස අඩු කරලා ගොඩනැගිල්ලක් ඉදි කරන්න යෝජනා ඇවිත් තියෙනවා. එක්දින තරග පැවැත්වීමේදී ක්‍රිකට් ලෝලීන්ට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිදු වෙනවා.
උස අඩු කරලා හැදුවොත් තුන්දහසක වගේ සෙනඟක් යොමු කරන්න පුළුවන්. මට ලෝක උරුමයත් ඕන, ක්‍රිකට් ක්රීඩාංගණයත් ඕන. රැවුලයි කැඳයි දෙකම බේරගන්න පුළුවන් විසඳුමක් අපි හොයමු. මගේ අරමුණ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය වගේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් මාතරට ගේන්න. ඒ සඳහා සුදුසු ඉඩම් කොටසක් සොයා ගැනීම සඳහා මම මේ දවස්වල වෙහෙසෙනවා. ක්‍රීඩාව දියුණු කිරීම අප රජයේ එක් කාර්යභාරයක්” යැයි පවසා සිටියේය.

මාතර - මහේෂ් මලවර ආරච්චි
popular news
-
Champa Thursday, 26 July 2018 06:53 PM
වහල් ආණ්ඩුව එකපාරට පිස්සුවෙන් වගේ ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, අලුත් එකක් කොග්ගලට, තව එකක් මාතරට මේ වගේ කියවන්න ගත්තේ මත්තල ඉන්දියාවට විකුණන කොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගනෙත් ඉන්දියාවට දෙන හින්දා. මත්තල ගුවන් තොටුපොළට අයිති හෙක්ටයාර් 6800ට (අක්කර 69,160ක් - හෙක්ටයාර් 1=අක්කර 2.47) අමතරව තව අක්කර 99,000ක් ඉන්දියාවට දෙන්න යනවා. ආපහු ව්‍යවස්ථා කතා, අනුරගේ 20, සාසන සංහාර පනත මේව මේ අව්අස්සේ ගේන්නේ මත්තල විකුනන එකට තියෙන අවධානය අනිත් පැත්තට හරවන්න. මත්තල විකිනුවහම අපිට කතරගමයි හම්බන්තොටයි දෙකත් නැතිවෙනවා. ආයේ කිසි දවසක ආපහු ගන්න බැහැ. මාගම්පුර විකුනන එක නවත්තන්න බැරිවුනේ මුළු රටම එකහඬින් ඊට එරෙහිව ආවේ නැති නිසා. දැන් මුහුද දුන්න වගේ නෙමෙයි, ගුවන් තොටුපොලයි ගොඩබිමයි අහසයි ඔක්කොම ඉන්දියාවට දෙනවා.KKS වරාය, පලාලි, උතුරේ මුහුදත් ඉන්දියාවට දෙනවා. කටුනයකත් විකුනනවා.. මෙච්චර කැහැගහන්නේ සිංහලය නිකම් වගේ වගක් නැතුව ඉන්න හින්ද. මත්තල වගේම විදේශිකයන්ට විකුනන ඉතුරු ටිකහරි බේරාගන්න එකා වගේ පාරට බැහැල විරෝධය දක්වන්න පක්ෂ භේදයක් නැතුව අගෝස්තු 2 කොළොඹට එන්න PLEASE
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
