ගායන ශිල්පිනී ප්‍රියානි ඝාතනය කරයි
ගායන ශිල්පිනී ප්‍රියාණි ජයසිංහ තියුණ ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (08දා) මෙම ඝාතනය සිදුකර ඇත. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලීසිය ඇයගේ සිරුර පානදුර පිහිටි නිවසේදී සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

popular news
-
Champa Monday, 09 July 2018 09:12 AM
තියුණු ආයුධය කියන්නේ කතුරක්. කතුරකින් ඇනලලු. හම්බෝ ඇඟේ හිරිගඩු පිපෙනවා මේවා අහනකොට. ලංකාවේ කාන්තාවෝ හුඟක් මරණයට පත් වෙන්නේ එක්කෝ සැමියන් අතින්. නැත්නම් පෙම්වතුන් අතින්. නැත්නම් අනියම් සැමියන් අතින්. නැත්නම් පවුලේ කවුරු හරි අතින්. හරිම භයානකයි. ගෘහස්ත ප්රචණ්ඩත්වය ගැන ලංකාවේ තියෙන අවධානය බින්දුවයි. පිරිමි හිතනවා බිරිඳට නරක වචනෙන් බනින්න ගහන්න මරන්න අයිතියක් තියෙනව කියල බිරිඳ තමන්ගේ හින්ද. පවුල් ප්‍රශ්න කියලා ලේබල් එකක් ගහල පොලිසියත් පිරිමින්ගේ පැත්ත ගන්නවා. සමාජ ප්‍රශ්න නිසා කාන්තාවෝ ඒගැන කතාකරන්නෙත් නැහැ. අන්තිමට ජීවිතෙනුත් වන්දි ගෙවනවා. ඊට පස්සේ නීතිඥයෝ කෙස්පැලෙන තර්ක ඉදිරිපත් කරනවා ක්ෂණික කෝපයට කියල ලිහිල් දඬුවමක් ඉල්ලලා. ක්ෂණික කෝප කතාව බොරුවක්. එහෙමනම් එක පාරක් දෙකක් ගහනකොට කේන්තිය නිවෙන්න ඕනේ. ගහල ගහල මරන්නේ ක්ෂණික කෝපය නෙමෙයි කාලයක් තිස්සේ එහම කරනවා කියලා හිතපු දෙයක් එලියට එන එක. ගෘහස්ත හිංසනයට මුල පිරිමින්ගේ ආකල්ප. ඒවා වෙනස් වෙන්න ඕනේ. කාන්තාවෝ ඉන්නේ ආදරය කරන්න මිසක් බනින්න ගහන්න කොන්ඩෙන් ඇදල බිත්තිවල ඔලුව ගහන්න මරන්න නෙමෙයි කියලා හිතෙන පිරිමි ඉන්න සමාජයක් ලංකාවේ හැදෙන්න කවදද?
Reply : 0 8
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

