ග්රාමශක්ති වැඩසටහනේදී ජනපතිගෙන් අසන ප්‍රශ්න කලින් දීලා?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11දා) පැවති යටිනුවර කොටලිගොඩ උතුර ග්‍රාමසේවක වසමේ ග්‍රමශක්ති ජාතික වැඩසටහනේදී තම ගම්මානවල ගැටලු හා ප්‍රශ්න ජනාධිපතිවරයාගෙන් ඇසීමට ඉඩ නොදුන් බව කියමින් කොටලිගොඩ උතුර ග්‍රාමසේවක වසමේ ග්‍රාම ශක්ති ජාතික ව්‍යාපාරයේ ලේකම්වරයා ඇතුළු ගම්වාසීහු කිහිප දෙනෙක් එම වැඩසටහන අවසානයේදී විරෝධය පෑහ.
එහි සිටි රජයේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට තමන්ට ප්‍රශ්න ලබා දුන් බවත් තමන් පදිංචි ප්‍රදේශයේ සුසාන භූමිය සම්බන්ධව ගැටලුවක් ඉදිරිපත් කිරීමට එය සංවිධාන කළ රාජ්‍ය නිලධාරීන් ඉඩ නොදුන් බවද එහිදී ඔවහු පැවසූහ.
මේ සම්බන්ධව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ප්‍රකාශ කර සිටියේ ඊයේ (11දා) උත්සවය අවසානයේ ඇති වූ කලහකාරී තත්ත්වය කාගේ හෝ උසිගැන්වීමකට අනුව සිදු කළ එකක් බවයි.
චමිල් රූපසිංහ

popular news
-
Champa Thursday, 12 July 2018 04:02 PM
ඔයි වගේ කළහ මීට පස්සේ ඇති නොවෙන්න, ප්‍රශ්න ටික කලින් ඉල්ලගෙන පත්තරේ දාන්න. ඉවරනේ කතාව. එතකොට ජනාධිපතිතුමාට පත්තරේ අරගෙන යන්න පුළුවන්නේ රැස්වීමට.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

