ග්ලයිෆොසේට් තේ සහ රබර්වලට පමණයි - හෙට නව ගැසට් පත්‍රයක්
සියලු භෝග සඳහා ග්ලයිෆොසේට් භාවිතයට ලබාදුන් අවසරය හෙට (16දා) දිනයේදී යළි තේ සහ රබර් සඳහා පමණක් සීමා කර ගැසට් පත්‍රයක් නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මාධ්‍ය වෙත අද (15දා) අදහස් දක්වමින් මේ බව පැවසූ අමාත්‍යවරයා,
'' ග්ලයිෆෝසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ තීන්දුවක් අනුව ග්ලයිෆෝසේට් තහනම ඉවත් කරලා ගැසට් පත්‍රයක් පළ කරලා තියෙනවා. නමුත් සඳුදා වන විට නැවත ගැසට් පත්‍රයක් පළ වෙනවා. තේ සහ රබර් හැර අනෙකුත් භෝග සඳහා ග්ලයිෆෝසේට් තහනම තවදුරටත් පැවැත්වෙන ආකාරයට. ඒ තුළින් තේ සහ රබර් වගා කරන අයට පමණක් කෘෂිකර්ම අමාත්‍යංශයේ නිර්දේශ මත අවසර ලබා දෙනවා.
මේ සම්බන්ධයෙන් තේ සහ රබර් වගා කරන අයගෙන් දැඩි ලෙස ඉල්ලීමක් තිබුණා. මේ තහනම ඉවත් කරන්න කියලා. විශේෂයෙන්ම මේ නිසා රබර් කර්මාන්තයටද බලපෑමක් ඇතිවූණා. ඒ අනුව විද්වත් කමිටුවකින් ආපු නිර්දේශ මත එම භෝග දෙකට තහනම ඉවත් කරන්න කටයුතු කළා. “ යැයි පැවසීය

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

