ග්ලයිෆොසේට් තහනම ඉවතට
රට පුරා සියලුම භෝග සඳහා පනවා තිබූ ග්ලයිෆෝසේට් තහනම පළිබෝධනාශක රෙජිස්ටාර් විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් ඉවත් කර තිබේ.
2015 වසරේදී ගැසට් නිවේදනයක් මගින් රසායනික ග්ලෆෝසෙට් අඩංගු කෘමිනාශක සඳහා නිකුත් කරන ලද සෑම බලපත්‍රක් ම අවලංගු කළ අතර පසුගිය 11වැනිදා නිකුත් කර ඇති මෙම නිවේදනය මගින් පනවා තිබූ තහනම මුළුමනින්ම අවලංගු කොට තිබේ.
කෙසේ වෙතත් 2015 වසරේදී සියලුම භෝග සඳහා පනවා තිබූ මෙම තහනම 2017 වසරේ අග භාගයේදී වැවිලි අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් තේ සහ රබර් සඳහා ඉවත් කළ අතර මෙම ගැසට් නිවේදනය මගින් සියලුම භෝග සඳහා පනවා තිබූ ග්ලයිෆොසේට් තහනම අවලංගු කොට තිබේ.
කෙසේ නමුත් ගල්යිෆොසේට් භාවිතයට අදාළ නිර්ණායක පැහැදිලි කරමින් ඉදිරියේදී ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිත බවත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ තේ සහ රබර් වගාවන් සඳහා පමණක් තහනම ඉවත් කිරීමට බවත් පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

popular news
-
සෙනෙවි Sunday, 15 July 2018 03:29 PM
කොම්පැනියෙන් ලොකු කුට්ටියක් ලැබෙන්න ඇති
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

