බලංගොඩ පින්නවල ප්රදේශයේ වතුයායක දලු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් ගසකට යටවීමෙන් මියගොස් ඇති බව පින්නවල පොලීසිය කියයි.
අද (14) උදේ 9.30ට පමණ මෙම අණතුර සිදුවි ඇත.
පින්නවල වලවවත්ත වතුයායේ පිරිසක් සමග දලු නෙලමින් සිටියේදි ප්රදේශයේ පැවැති වර්ෂාව සහ අධික සුළග හේතුවෙන් ඇල්බිසියා ගසක් උදුරා වැටිමෙන් කාන්තාවන් තිදෙනෙකු යට වි ඇත.
ප්රදේශවාසින් එක්ව ගස ඉවත් කර කාන්තාවන් තිදෙනා බලංගොඩ මුලික රෝහලට ඇතුලත් කර තිබේ. ඒ වන විටත් කාන්තාවන් දෙදෙනෙක් මිය ගොස් තිබෙන අතර අනිත් කාන්තාව බරපතල තත්වයේ බලංගොඩ මුලික රෝහලේ ප්රතිකාර ලබන බව රෝහල් ප්රකාශකයෙක් පැවැසීය.
මෙසේ මරණයට පත්වි ඇත්තේ එම ප්රදේශයේම පදිංචි සෙල්ලයියා පරමේශ්වරි සහ සන්දනම් රෝස්මමේරි යන කාන්තාවන් දෙදෙනායි. මිය ගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය අද දින සිදුකිරිමට නියමිත අතර පින්නවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් පි අමරතුංග මහතාගේ මෙහෙයවීම පරිදි වැඩිදුර පරික්ෂණ පවත්වයි.