කිලෝ ග්රෑම් 12.5 ගෑස් සිලින්ඩර් සියලු LP ගෑස් අලෙවිසැල් තුළ මිලදි ගැනීම සඳහා තිබිය යුතු බවට සියලු LP ගෑස් නිෂ්පාදකයන් හා වෙළඳුන් වෙත නියෝග කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එසේම කිලෝ ග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරය තම සන්තකයේ ඇති හෝ භාරයෙහි හෝ තම පාලනය යටතේ ඇති කිසිම වෙළෙන්දෙකු එම ගෑස් සිලින්ඩරය විකිණීම ප්රතිකෂේප කිරීම හෝ එම සිලින්ඩර මිලදී නොගැනීමට සෘජුව හෝ වක්රව පාරිභෝගියන්ට බලපෑම් කිරීම නොකළ යුතු බවද එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.