ගුවන්තොටුපල විවෘත කිරීම හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කෙරේ.
ඒ සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
සංචාරක කේෂ්ත්‍රයේ නියුතු සංවිධාන 49ක නියෝජිතයන් සමඟ අද (18) පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහීදී කියා සිටියේ ඉතා ඉක්මනින් රට සංචාරකයන්ට විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි. ගුවන්තොටුපල කඩිනමින් විවෘත කිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමුකර ඇති බවත් සංචාරකයන්ට රට විවෘත කිරීමත් ගුවන්තොටුපල විවෘත කිරීමත් එක හා සමාන බැදුණු කාරණා දෙකක් බවත් ඇමතිවරයා කීවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා ,
" කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේවැඩි වශයෙන්ම බිඳ වැටුණු කේෂ්ත්‍රයක් තමයි සංචාරක කේෂ්ත්‍රය. එය නැවත නගා සිටුවීම ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. කොව්ඩ් 19 නිසා සංචාරක කේෂ්ත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මැතිවරණ කොමිසම එහි ගෙවීම් කටයුතු ද සීමා කළා. අපි එහි ගෙවීම් නැවත ආරම්භ කලත් එහි කිසියම් ප්‍රමාදයක් තිබෙන බව පේනවා. සති දෙකක් තුළ මෙම සහන සැලසීමේ වැඩසටහනේ තිබෙන අඩුපාඩු මඟහැරවීමට වහාම පියවර ගත යුතුයි. තවදුරටත් මෙම සහන සැලසීමේ වැඩපිළිවල ප්‍රමාද කරන්න එපා.
මෙරට සංචාරක කේෂ්ත්‍රයට අදාල ආයෝජන අවස්ථා පුළුල් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව සංචාරක කේෂ්ත්‍රයේ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම අපි ගන්නවා. සමහර මූල්‍යායතන සංචාරක කේෂ්ත්‍රයේ නියුතු වූවන්ට රජය ලබාදෙන ලීසිං හා ණය පහසුකම් ලබා නොදෙන බවට අපට තොරතුරු වාර්තා වී තිබෙනවා. එවැනි ආයතන සම්බන්ධයෙන් අපි මහ බැංකුවට වාර්තා කරනවා. මොකද රජය විසින් ලබා දුන් සහනයක් කිසිවෙකුටත් නොදි ඉන්න බෑ.
එකිනෙකාට චෝදනා කරමින් පහුගිය කාලයේ සිදූ වූ දේවල් ගැන කතා කර කර ඉදලා වැඩක් නෑ. දැන් අපි වැඩ කරන්න ඕනෑ. ජනාධිපතිතුමා ප්රමුඛ ආණ්ඩුවට ඉතා ඉක්මනින් ගුවන්තොටුපල විවෘත කරලා සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍යයි. අපේ වගකීම තමයි ඉතා ඉක්මනින් එය ඉටුකර දීම.