දිවයිනේ සියලු ගොවීන්ට අවශ්‍ය පොහොරවලින් සියයට 76 ක් මේ වන විටත් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා හැර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.
මහනුවර පල්ලකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
දිවයිනේ සියලු ගොවීන්ට අවශ්‍ය පොහොරවලින් සියයට හැත්තෑ හයකඅධික ප්‍රමාණයක් මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ බෙදාහැරීම සිදුකර ඇතත් එහිදී ඇතිවූ අධික ඉල්ලුම හේතුවෙන් කෘතීම පොහොර හිගයක් නිර්මාණය වී ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.
යාපනය දිස්ත්‍රික්කයේ සියයට අනූනමයක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියයට අනූදෙකක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොහොර අවශ්‍යතාවය සියයට සියයක් මේ වන විට සම්පූර්ණ කර ඇතැයි අමාත්‍යවරයා කීවේය.
ත්‍රිකුණාමලය හා ගෝමරන්කඩවල ප්‍රදේශවලට මේ වන විට පොහොර ගෙන යමින් පවතින බව කී අමාත්‍යවරයා, පොහොර හිඟයක් පවතින බව පෙනෙන්නේ යම් පාලනයක් පවතින නිසා යැයි ද අමාත්‍යවරයා මෙහිදී කීය.
මත්ද්‍රව්‍ය සහ , ඖෂධ වලට අමතරව ලෝකයේ බලවත්ම ජාවාරමක් බවට රසායනික පොහොර අලෙවිය පත්ව ඇති බව සදහන් කළ අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් බිලියන සියයක් වැය කරන බව ද වැඩිදුරටත් සදහන් කළේය.
මොහොමඩ් ආසික්