ගුවන් හමුදා නිලධාරීන්ට පදක්කම් පිරිනැමෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙහි නිලධාරින් සහ සෙසු නිලයන් උදෙසා විරෝධාර විභූෂණය, වීර වික්‍රම විභූෂණය, රණ වික්‍රම සහ රණ ශූර පදක්කම් පිරිනැමීම සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
වීරෝධාර විභූෂණලාභීන් 05 දෙනෙකු, වීරවික්රම විභූෂණලාභීන් 03 දෙනෙකු, රණ වික්‍රම පදක්කම්ලාභීන් 15 දෙනෙකු සහ රණ ශූර පදක්කම්ලාභීන් 51 දෙනෙකු වශයෙන් 74 දෙනෙකු සඳහා පදක්කම් පිරිනැමීම මෙහිදී සිදු විය.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් ඇතුථ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
