රුසියාවෙන් පැමිණි ගුවන් යානා කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වසංගත රෝග වෛද්‍ය ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසීය.
ඒ අනුව එම ගුවන් යානා කාර්ය මණ්ඩලය නිරෝධායන හෝටලක් තුළ නිරෝධායනයට යොමුකර තිබූ බවත් එම හෝටලයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකු සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර එයින් පිටව ගොස් ඇති බවත් වෛද්‍යවරයා පැවැසීය.
මේ අනුව එම කාර්ය මණ්ඩලය සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද නිරෝධායනයට යොමුකළ බවත් ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බවත් ඒ මහතා පැවැසීය.
එම පී.සී.ආර්. පරීක්ෂණ මගින් සමාජයට කොවිඩ් 19 පැතිරීමක් ඇත්දැයි ගැඹුරින් සොයා බලන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.